gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලා හදපු නෙළුම් කුලුණ ඔන්න ඇරියා! ගිහිල්ලා බලන්න! වැඩිය නෑ පෝලිමේ ගියොත් 500යි! පෝලිම් නැතිව යනවා නම් 2000යි! යන්න යන්න ගිහින් බලන්න!

මෙරට උසම ගොඩනැඟිල්ල වන ‘නෙළුම් කුලුනේ’ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසනවා. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමිනුයි මෙය ඉදි කර තිබෙන්නේ. ‘නෙළුම් කුලුනේ’ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ජනතාවට අලුත් අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇතැයි ද ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

කුලුනේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය මෙරට රජයට බාර දුන්නා. මේ සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබෙන බවයි කියන්නේ. මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතව තියෙනවා. කුලුනේ කිසිඳු ආදායමක් නොමැතිව එම ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්.

කොළඹ, නෙළුම් කුලුන පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කරන බව පැවසෙනවා. ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ කියන්නේ.

මේ වන විට දේශීය ආයෝජකයන් 80%ක් හා විදේශීය ආයෝජකයින් 20%ක් නෙළුම් කුලුනේ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ඔහු පවසනවා. ඒ අතර ඔහු කියන්නේ මේ වනවිට ‍ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කර ඇති අතර එයින් ආයෝජකයන් 22ක් තමන් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටින බවයි.

මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ඕනෑම අයෙකුට ප්‍රවේශපත්‍රයක් ලබාගෙන කුලුනේ තුළවන පරිසරයේ අත්දැකීම ලබාගත හැකියි. ඒ සඳහා වන ප්‍රවේශපත්‍රයක් දේශීය නරඹන්නන්ට රුපියල් 500ක් සහ රුපියල් 2,000ක්. විදේශිකයෙකු විසින් අමෙරිකානු ඩොලර් 20ක ප්‍රවේශපත්‍රයක් ඒ වෙනුවෙන් ලබාගත යුතුවෙනවා.

රුපියල් 2,000 ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැඳීනොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි බව කියනවා. අවස්ථා කිහිපයක් වුවද ඔවුන්ට කුලුනේ ඉහළට යා හැකියි. එහෙත් රුපියල් 500යේ ප්‍රවේශපත්‍රය ලබාගන්නා අයෙකුට කුලනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශපත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව කියනවා.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව පැවසෙනවා. ‍පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි ඇතුලත්.

තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර පහසුකම් සැලසූවක්. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙන්නක්.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහලේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහල කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය කියනවා.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුලුන සතු වන අතර එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබෙනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka