gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පාස්කු ප්‍රහාරය ගැන පාඨලී ජනතාවගෙන් සමාව ගත යුතුයි” – මුසම්මිල් කියයි (VIDEO)

එකම මතවාදයක්, එකම බලවේගයක් නියෝජනය කරමින් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත තම පක්ෂ නායකත්වයට ජනතාවගෙන් සමාව ගැනීමේ අවශ්‍යතාවක් නොමැති වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට ‘‍දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ යැයි පවසමින් සිට 2015දී ‘යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව සුරකිනු ඇති බවට’ ජනතාවට සහතික දෙමින් ඇමැතිකම් රැගෙන එම ආණ්ඩුවට රිංගාගත් පසුව සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා නම් විශේෂයෙන් ජනතාවගෙන් සමාව ගත යුතුව ඇති බව ජානිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවා.

ඊයේ (22) පිටකෝට්ටේ ප්‍රදේශයේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිතුමා අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක් වගේනේ. ඔහු මුලින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා ‘‍ෙදාන් ජුවන් ධර්මපාල’ කියා. අපිත් එහෙම කිව්වා. නමුත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමැතිකම් ගත්තේ නැහැ. 2015දී පාඨලී චම්පික රණවක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමැතිකමකුත් අරගෙන පසුව එතැනින් පැන්නා සජිත් ප්‍රේ‍මදාස මහත්තයා ගාවට. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟිනුත් පැනලා ඉන්නේ. ඒ නිසා දැන් එතුමා දේශපාලන වශයෙන් අවලංගු කාසියක්. නිදසුනක් ලෙස කරු පරණවිතාන මහතා එතුමා සමඟ පාර්ලිමේන්තුවේ සිටියා. අද කිසිවෙක් ඔහු සමඟ නැහැ. තනිවමයි ඉන්නේ.

මෙතුමාට බැහැ අලුත් බලවේගයක්, සන්ධානයක් හදන්න. ඒ නිසා අලුත් සන්ධානයක් හැදෙන එකට ඊර්ෂ්‍යාවක් ඇති. අපි එහෙ මෙහෙ පනින්නේ නැතිව හැමදාම එක මතවාදයක්, එක බලවේගයක් සමඟ හිටපු මිනිස්සු. ඒ නිසා අපි නොවෙයි එතුමායි ජාතියෙන්, ජනතාවගෙන් සමාව ගත යුතුව ඇත්තේ. මොකද යහපාලන ආණ්ඩුව හැදෙද්දි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට සහතිකයක් දුන්නේ එතුමා. එතුමා හදපු ආණ්ඩුව සමයේ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. ඒ නිසා තමන් හිටපු ආණ්ඩුව සමයේ ‘පාස්කු ප්‍රහාරය’ එල්ල වීම සම්බන්ධයෙන් එතුමා පළමුව ජනතාවගෙන් සමාව ගත යුතුයි.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka