gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ශ්‍රීලනිපයෙන් පන්නන්න මෙහෙයුමක්! හිටපු ප්‍රබලයෙකුත් ආණ්ඩුවේ ඉන්න ප්‍රබලයෙකුත් මෙහෙයුම පිටිපස්සේ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කිරීමෙ මෙහෙයුමක් දියත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දේශපාලනයේ හිටපු ප්‍රබලයකු සහ දැනට ආණ්ඩු පක්ෂයේ සිටින ප්‍රබලයකුගේ අනුදැනුම යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින බවකි.

මෙහිදී පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්තියක් මුල් කරගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇත.

එම වගන්තියේ ඇත්තේ පක්ෂයෙන් කවුරුන් හෝ ජනාධිපති ධුරයට පත්වන්නේ නම් ඔහු හෝ ඇය නිල බලයෙන් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වන බවකි. නමුත් එසේ නොවන විට පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඔහු හෝ ඇය පක්ෂ සභාපතිවරයා වශයෙන් පත්විය යුතු බවද එම වගන්තියේ ඇතුළත් වේ.

ඒ අනුව එම වගන්තිය මුල් කරගෙන දැනටමත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොඩනුකර ඇති අතර ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ යම් හෙයකින් නඩුවෙන් වාසිසහගත තත්ත්වයක් මතුවුවහොත් තාවකාලික නායකයා ලෙස මහින්ද අමරවීර මහතා පත්කිරීමටය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka