gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතා අයිතියට පත්වී නැති කොටි ගණන් වැයකර වැඩ නිමකළ ව්‍යාපෘති ගැන හිටපු ජනපති කියයි!

තම පාලන සමයේ සිදු කරනගෙන ගිය පොලොන්නරුවේ දිස්ත්‍රික් යම්යම් සංවර්ධන  වැඩසටහන්  පිළිබඳ විවිධ පිරිස් බරපතළ අයුරින් විවේචනය සහ නින්දා අපහාසයට තමාව  ලක් කරමින් සිටින බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයි ප්‍රකාශ  කළේය.

තමන්ගේ සමයේ සම්පූර්ණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර සියයට අනූ නවයක් වැඩ නිමා කළ ගොඩනැගිලි ගණනාවක් ජනතා අයිතියට පත් නොකිරීමේ බරපතල කණගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඔහු කීවේය.

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ පසුගිය  23 වැනිදා පෙරවරුවේ  පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ  එක්දහස් පන්සීයක වියදමින්  පොළොන්නරුව නවනගරයේ මීට වසර තුනකට ඉහතදී ඉදිකර වැඩ අවසන් කරන ලද නමුත් ජනතා අයිතියට පත් නොකළ  පරිපාලන ගොඩනැගිල්ල පිළිබඳ සොයා බැලීමේ අවස්ථාවට සහභාගි වී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය..

“  මම මේ පරිපාලන ගොඩනැගිල්ලක් හැදුවේ  පොළොන්නරු දිස්ත්‍රික්කයේ දෙපාර්මේන්තු, සියලුම රාජ්‍ය ආයතන තැන් තැන්වල සිට කරන   සේවාවන්  එක වහළක් යට කරගෙන යන්න. ඉන් මහජනතාවට විශාල පහසුවක් හා සේවාවක් සිදු සිදුවෙනවා.  ඉන් සේවය ලබා නොගැනීම මගේ වරදක් නොවෙයි. “

“ මෙම ගොඩනැගිල්ල වගේම ත්‍රෛභාෂා    පාසල, පොලොන්නරුව දුම්රියපළ අසල තිබෙන කෝටි තිස් හයක් වැයකරල හදපු තට්ටු තුනේ වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල, කච්චේරියේ  තව සුළු වැඩ කොටසක් තියෙනවා කරන්න. සීයට අනුව නමයක්ම ඒ ගොඩනැගිලිවලත්   වැඩ අවසන්. මේ ගොඩනැගිල්ලට විදුලිය ලබාගැනීමේ ලොකුගේ ගැටලුවක් තිබෙනවා.   විදුලියය ලබාදෙන්න අවශ්‍ය උපකරණ රටින් ගේන්නේ නෑ. “

“ගෝඨාභය ජනාධිපති කාලයේ එතුමාව දැනුවත් කරන්න මම දෙසරයක් හමුවුණා. නමුත් පලක් උන් නෑ. ඊළඟට  මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හමු වුණා. අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව හොයන්න ඇවිල්ලා පොලොන්නරුවේ ව්‍යාපෘති පිළිබඳ අරලියගහ මන්දිරයේ වෙනම රැස්වීමක් කළා.   මේ සියලු ව්‍යාපෘති ජනතා යහපතට කරපු ව්‍යාපෘති.“  “

“යම් රජයක් ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය නිමා කිරීමට නොහැකි නම් ඊළඟට පත්වෙන රජය එම ව්‍යාපෘතියේ වැඩ අවසන් කර මහජන සේවාවට යෙදවීම සාමාන්‍ය දෙයක් මේ රටේ. පොලොන්නරුවේ නතර වී තිබෙන ව්‍යාපෘති පිළිබඳ මම හැම කෙනාටම කතා කරනවා. ලියනවා, මේවට සල්ලි නෑ කියලා කියනවා. මේක මගේ වරදක් නෙවෙයි. මගේ කාලේ මේවට සම්පූර්ණ මුදල පාස් කරල තිබුනෙ. “

“ඉතින් මේ ව්‍යාපෘති නතර වෙනවා නම් අඩපණ වනවානම් නටබුන් වනවානම් හැමෝටම වඩා වේදනා තියෙන්නෙ මට. එනිසා මේ ව්‍යාපෘතිවල ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමේ වගකීම් තියෙන්නෙ මේ රජයට.“

“විපක්ෂයේ මන්ත්‍රී මන්ත්‍රීවරයෙක් විදියට තව තවදුරටත් මම බලපෑම් කරනවා පොලොන්නරුවේ මේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා මහජන සේවාවට යොදවන්න කියලා“

- මනම්පිටිය නිමල් ජයරත්න


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka