ඩුබායි බලා යන ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාරගත කළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ අද (12) නියෝග කළේය.
ජාතික රූපවාහිනියට අනවසරයෙන් ඇතුළු වී විකාශනයට අවහිර කිරීම සහ තර්ජනයක කිරීම සම්බන්ධව කුරුඳුවත්ත පොලිසියේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අද (12) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රක්ෂිත බන්ධනාගාරතව සිටි කාලය තුළ ජංගම දුරකථනයක් පරිහරණය කිරීමේ වරදට ඔහුව දින 14ක සිර දඬුවමකට මේ අතර යටත් කරනු ලැබුවේය.
කෙසේ වෙතත් ධනිෂ් අලි චෝදනා ලද සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙස ට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
