gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර සංවිධාන 06ක සහ ඒවාට නායකත්වය සපයන පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන මුසම්මිල්ගෙන් අරක්ෂක ලේකම්ට ප්‍රශ්න වැලක්!

තහනමට ලක්ව තිබූ ජාත්‍යන්තර සංවිධාන 06ක සහ පුද්ගලයින් 316 දෙනෙකුට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද බව ජනමාධ්‍ය මගින් මා හට දැනගැනීමට ලැබී ඇත. නමුත් එවැනි තීන්දුවක් ගැනීමට හේතු  සාධක පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක් සිදුවී නැත.

මහජන නියෝජිතයින් ලෙස මහජනයා විසින් මතු කරනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මා මෙන්ම රාජ්‍ය නිලධාරියකු ලෙස ඔබ ද බැඳී සිටින බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව මහජනයා විසින් මතු කරනු ලබන පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙසේ සදහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් යවමිණි.

සම්පුර්න ලිපිය පහත පරිධි වේ.

‘‘ආරක්ෂක ලේකම්තුමා,
ආරක්ෂක අමාත්‍යාංශය,

ගරු ලේකම්තුමනි,

ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා මෙන්ම මූල්‍ය විශුද්ධිකරණය ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව යටතේ තහනම් කළ ජාත්‍යන්තර සංවිධාන 06ක සහ ඒවාට නායකත්වය සපයන පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳව
 
ඉහත චෝදනාව යටතේ තහනමට ලක්ව තිබූ ජාත්‍යන්තර සංවිධාන 06ක සහ පුද්ගලයින් 316 දෙනෙකුට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද බව ජනමාධ්‍ය මගින් මා හට දැනගැනීමට ලැබී ඇත. නමුත් එවැනි තීන්දුවක් ගැනීමට හේතු වූ සාධක පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක් සිදුවී නැත. මහජන නියෝජිතයින් ලෙස මහජනයා විසින් මතු කරනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමට මා මෙන්ම රාජ්‍ය නිලධාරියකු ලෙස ඔබ ද බැඳී සිටින බව ඔබ පිළිගන්නවා ඇත. ඒ අනුව මහජනයා විසින් මතු කරනු ලබන පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

1. රාජ්‍ය ඔත්තු සේවා විසින් සිදුකළ අධ්‍යයනයන්ට අනුව එම සංවිධාන සහ ඊට නායකත්වය ලබාදෙන පුද්ගලයින් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර සහ අනුබල ලබා නොදෙන බව තහවුරු වී තිබේ ද?

2. ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබූ සංවිධාන 18ක් සහ පුද්ගලයින් 577 දෙනෙකු අතුරින් සංවිධාන 6ක පුද්ගලයින් 316 දෙනෙකුගේ පමණක් තහනම ඉවත් කිරීමට පෙර විධිමත් කමිටුවක් මගින් අධ්‍යයනයක් සිදුකළාද?, එසේ නම් එම තෝරා ගැනීම සිදුකළ කමිටුවේ සාමාජිකයින් කවුද?

3. එම සංවිධාන සහ පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර සහ අනුබල ලබා නොදෙන බවට සහතිකයක් ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දී තිබේද?

4. එසේ නැතහොත් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එම සංවිධාන විසින් එල්ල කරනු ලබන පීඩනය සමනය කිරීම සඳහා උපක්‍රමයක් ලෙස එවැනි තීන්දුවක් ගනු ලැබුවා ද?

5. එසේ නොමැතිනම් පවතින අර්බුදකාරී තත්වය තුළ ශ්‍රී ලංකාවේ රජයට එල්ල වන දේශීය හෝ විදේශීය දේශපාලන බලපෑම් තුලනය කිරීම සඳහා එවැනි තීන්දුවකට යොමු වූවා ද?

6. ඊට අමතරව එම සංවිධානවල තහනම ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආවේක්ෂණය කිරීම සඳහා ප්‍රතිඵලදායක යාන්ත්‍රණයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සකස් කර තිබේද?

7. පවතින අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය අවදානමට ලක් කිරීමට සහ එමඟින් ජාත්‍යන්තර මැදිහත්වීමකට අවස්ථාව නිර්මාණය කිරීමට ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් දියත් වන බවට ජාත්‍යන්තර දේශපාලන සංවාද මණ්ඩපවල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්වත්ව සහ සංවේදීව ක්‍රියාමාර්ග ගනු ලැබේ ද?

8. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයින්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පිහිටු වූ ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව සැප්තැම්බර් මාසයේ දී නිකුත් වූ පසුව අදාළ හමුදා නායකයින්ට එරෙහි ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විවිධ රටවලදී නඩු පැවරීමට ඉහත සඳහන් කළ සංවිධාන ක්‍රියාත්මක විය හැකි බැවින් ඊට අදාළව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද?

ඔබතුමාට ස්තුතියි,

මේ වගට,

මොහොමඩ් මුසම්මිල්
පාර්ලිමේන්තු මන්ත්‍රී
2022-08-15


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka