මූලික රාජ්‍ය තාන්ත්‍රික රීතීන් උල්ලංඝණය කරමින් චීන තානාපතිවරයා විසින් සිදුක ඇති ප්‍රකාශ සම්බන්ධව තියුණු විවේචනයක් සහිත ට්විටර් පණිවඩි මාලාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.
එම ට්විටර් පණිවිඩ මාලාවේ මෙසේ සඳහන් වී ඇත.
චීන තානාපතිතුමා විසින් පළ කළ අදහස් අපගේ අවධානයට ලක්ව ඇත. එතුමා විසින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැක.
ශ්‍රී ලංකාවේ අසල්වැසියා පිළිබඳ එතුමාගේ අදහස් එතුමාගේ ම රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතුවා විය හැක. ඉන්දියාව එයට වඩා බෙහෙවින් වෙනස් බව අපි එතුමාට සහතික කර සිටිමු.
විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන නෞකාවේ සංචාරය සඳහා එතුමා විසින් භූ දේශපාලනික සංදර්භයක් ආරෝපණය කිරීම විසින්ම එම සංචාරයේ අරමුණ පැහැදිලි විය.
විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයකි. මෑත කාලීන වර්ධනයන් අනතුරු ඇඟවීමකි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවේ.
- lankasara.
➡️චීන තානාපතිතුමා විසින් පළ කළ අදහස් අපගේ අවධානයට ලක්ව ඇත. එතුමා විසින් මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැක.
— India in Sri Lanka (@IndiainSL) August 27, 2022