gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට එන ගෝඨාට ඉන්න ආණ්ඩුවෙන් කොළඹ බංගලාවක් ලෑස්ති කරයි! දැන් රාජපක්ෂලා තුන්දෙනෙකුට විතරක් ‌ආණ්ඩුවෙන් නිල නිවාස 4යි!

ලබන සතියේ ලංකාවට පැමිණීමට සූදානමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට නවාතැන් ගැනීම සදහා ‌කොළඹ බෞද්ධාලේක මාවතේ පිහිටි නිල නිවෙසක් ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇත.

මෙම නිල නිවෙස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටා ඇති සුවිසල් නිවසකි.

මෙම නිවසට යාබදව පිහිටා ඇති තවත් රජයේ නිල නිවසක හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතාද නවාතැන් ගෙන සිටී.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැතිවරයකුද වන මහින්ද රාජපක්ෂ මහතා හට කොළඹ නිල නිවාස 2ක්ද ආණ්ඩුවෙන් ලබා දී තිබේ.

ඉන් එකක් විජේරාම මාවතේ පිහිටා ඇති අතර අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

ඒ අනුව මේ වනවිට රජයේ නිල නිවාස සංචිතයෙන් නිවාස 4ක්ම රාජපක්ෂ පවුල වෙත ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

කෙසේවෙතත් පසුගිය සතියේ හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කියා තිබුණේ හිටපු ජනාධිපතිවරයා ධූරයෙන් හැර ගිය බැවින් ඔහුට හිටපු ජනාධිපතිවරයකුට හිමිවන කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවකි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka