ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලීමක් සිදුකර ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එරට විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලන රැකවරණයක් අවශ්‍ය බව දන්වා ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ එරටට පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද තායි විදෙස් අමාත්‍යංශය පවසා ඇත.
එලෙස පැමිණෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරට තුළ දින 90ක කාලයක් රැඳී සිටීමේ අවසරය හිමිවන බවත් තායි විදෙස් අමාත්‍යංශය විදෙස් මාධ්‍යට වාර්තා කර තිබේ.