විනාඩි පහළොවක් ඇතුළත ගාලු මුවදොර ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙස එහි රැඳී සිටින අරගලකරුවන් සුළු පිරිසට පොලිසියෙන් මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය. ඔවුන් රැඳී සිටින කූඩාරම් ගලවා ඉවත් කරගෙන ඉවත් කරගන්නා ලෙස පොලිසියෙන් කළ දැනුම් දීම අනුව එම පිරිස කූඩාරම් ගලවා ඉවත් කර ගනිමින් සිටී.
අරගලකරුවන් රැදී සිටින ස්ථානයට පොලිසිය හා විශේෂ කාර්යය බලකා ආරක්ෂාව යොදා ඇත.
ගත වූ දිනවල අරගලකරුවන් විශාල වශයෙන් එම ස්ථානයෙන් ඉවත් වීමත් සමග තව දුරටත් රැඳී කූඩාරම් දහයක පමණ සුළු ප්‍රමාණයක අරගලකරුවන් පිරිසකි.
