gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්ලා “රට වෙනුවෙන් අලුත් ගමනක්“ අද අනුරාධපුරයෙන් අරඹති!

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තේරීමේ තරගයේ දී ඩලස් අලහප්පෙරුම වෙත ඡන්ය පාවිච්චි කළ පොහොට්ටුවේ 14 දෙනාගෙන් යුතු කණ්ඩායම අද අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබිණි. මෙම පිරිස බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට බලා පැමිණ තිබුණහ.

රට වෙනුවෙන් වැදගත් තිරණ කීපයක් ගැනීමට සූදානම් බවත්, අනුරාධපුරයෙන් එම ගමන ආරම්භ කිරීමේ අභිලාෂයෙන් පැමිණි බවත් මාධ්‍ය අමතා පොදුජන පෙරමුණේ හිටපු සභාපති ජී.එල්. පීරිස් මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබිණි.

මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරිය ඉලක්ක කරගනිමින් ගොඩනැගෙන සන්ධාන දෙකෙහි එක් පාර්ශවයක් ඩලස් අලප්පරෙුම ඇතුළු කණ්ඩායම නියෝජනය කරමින් ඇත.

දින කීපයක සිට බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ  සිය දේශපාලන සන්ධානය සැලසුම් කර තිබුණු අතර එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිඳිමින් රනිල් වික්‍රමසිංහට ජානධිපතිවරණයේ දි ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රී කණ්ඩායම,  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්, සමග සුළු පක්ෂ 07ක් එක් වී සිටින බව ඊයේ වාර්තා විය.

බැසිල් රනිල් සමග නිර්මාණය කරන සන්ධානයට දෙමළ ජාතික සන්ධානයේ ද කැමැත්ත පලවී ඇති බව වාර්තා වේ.  ජීවන් තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රසයත් ඊට එකවීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත

මේ අනුව මේ පාර්ලිමේන්තුවේ බහුතර ඔළුගෙඩි සංඛ්‍යාවක් සහිතව ඊලඟ මැතිවරණය මෙහෙයවීමට රනිල් – බැසිල් සන්ධානය සූදානම් වේ.

මේ අතර සජිත් ප්‍රේමදාස තමන්ගෙන් ගිලිහී යන කණ්ඩායම හැරුණු විට ඉතිරිවන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රීපාල සිරිසේන දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවන මන්ත්‍රී පිරිසත්, පොදු ජන පෙරමුණේ ඩලස් කණ්ඩායමත්, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ කොටසක්, සමග නව දේශපාලන සන්ධානයක් සඳහා සැරසෙමින් ඇත.

ජනතා විමුක්ති පෙරමුණ  නියොජනය කරන ජාතික ජන බලවේගය මේ කිසිම සන්ධානයකට එක්නොවීමට තීරණය කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka