ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීති අංශයේ ජාතික විශිෂ්ඨතා සම්මනායෙන් පිදුම් ලබයි
වෘත්තීය සංගම් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ජාතික ඒපෙක්ස් සම්මාන උළෙල (National Apex awards) ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණි. එයට ගරු කතානායකතුමන්, පා.ම. ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමන් සහ වෘත්තීයවේදීන් රාශියක් සහභාගි විය.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මැතිතුමන් එහිදී නීති අංශයේ ජාතික විශිෂ්ඨතා සම්මනායෙන් පිදුම් ලැබුවේය. එතුමා වර්තමානයේ රටේ පවතින ගැටලු වලදී සාධනීය මැදිහත්වීමක් සිදු කරනා විශිෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකි. එතුමන් වසර 32 ක සේවා කාලයකින් පසුව නීතිපති දෙපාර්ථමේන්තුවෙන් විශ්‍රාම ගන්නා විට ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් වරයෙක් වශයෙන් සේවය කරමින් සිටියේය. සුප්‍රසිද්ධ නඩු රාශියක පැමිණිල්ල මෙහෙයවා ඇති එතුමන් දක්ෂ දේෂකයෙකි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇති එතුමා එම කාලයේදී රටට නව අල්ලස් නීතියක් කෙටුම්පත් කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. වර්තමාන අධිකරණ අමාත්‍යතුමන්ගේ මඟ පෙන්වීම යටතේ එම අල්ලස් පනත තවත් නොබෝ දිනකින් සම්මත වෙනු ඇත.
ජාතික ඇපෙක්ස් සම්මාන (National Apex awards) යනු ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානය (OPA) විසින් විවිධ අංශ හරහා ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ඇගයීම සඳහා ලබා දෙන ජීවිත කාලීන සම්මානයක් වේ.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න නීති අංශයේ ජාතික විශිෂ්ඨතා සම්මනායෙන් පිදුම් ලබයි
2022-08-20T18:19:00+05:30
Gossip Lanka Hot News






