අමෙරිකාව ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරයි! බින් ලාඩන්ගෙන් පසු අල්ඛයිඩාව බාර ගත් සවාහිරිත් මරා දමයි!
අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටියේ පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවරදී සී අයි ඒ සංවිධානය සිදු කළ ත්‍රස්ථ විරෝධී මෙහෙයුමකදී අල් කයිඩා නායකයා මිය ගොස් ඇති බවයි.
2011 වසරේදී ඔසාමා බින්න්ගේ ලාඩන්ගේ මරණයෙන් පසු අයිමාන් අල් සවාහිරි අල්කයිඩා සංවිධානයේ නායකත්වයට පත්වුණා.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ අයෙකු ලෙස ඇමරිකාවට වඩාත් අවශ්‍ය කර සිටි ත්‍රස්තවාදී නායකයෙකු ලෙසයි අයිමාන් අල් සවාහිරි හැදින්වුණේ.
අමෙරිකාව ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරයි! බින් ලාඩන්ගෙන් පසු අල්ඛයිඩාව බාර ගත් සවාහිරිත් මරා දමයි!
2022-08-02T13:30:00+05:30
Gossip Lanka Hot News






