gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලකරුවන්ට කන්න දෙන එකත් අපරාධයක්ද ? – සුපිරි හෝටලයක් ගැන විමර්ශන

කොළඹ ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය සඳහා ආහාර සැපයූ කොළඹ තරු පංතියේ හෝටලයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නිර්පාක්ෂික අරගලය ආරම්භ වූ දිනවල සිට මෑතක් වනතුරුම මෙම හෝටලයෙන් දිනපතා කෑම පාර්සල් 500 කට වැඩි ප්‍රමාණයක් අරගල භූමිය වෙත ලබා දී තිබේ. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින, අරගලයේ නියුතු පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත මේ බව අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම කෑම පාර්සල් නොමිලේ ලබා දුන්නේද, එසේ නැතහොත් වෙනත් සංවිධානයක් මගින් ඊට අදාල ගෙවීම් සිදුකර තිබෙන්නේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම මෙම විමර්ශනවල අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අරගලයට සම්බන්ධ පුද්ගලයන් රැසක් විවිධ චෝදනා අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටී.
-lankanewsweb
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka