පිටරට සිටින බිරිඳ ගෙන්වා ගැනීමට නොදරුවෙකුගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියෙක්
සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම දිවි තොර කර ගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට තෙමසකට පෙර විදෙස්ගත වූ බිරිඳ ගෙන්වා ගැනීමේ අරමුණින් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අදාළ වීඩියෝව තම බිරිඳට සහ බිරිඳ විදෙස්ගත කළ ආයතනයට යොමුකර ඇති බවට ද අනාවරණ වී තිබේ.
පියාගේ අවදානම් ක්‍රියාව හේතුවෙන් එම දරුවා දැඩි ලෙස බියට පත් වී සිටින අයුරු එම වීඩියෝවේ දැක්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන, දරුවා ද පොලිස් භාරයට ගෙන ඇත.
දරුවා පියා සමග යාම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යාමට අවශ්‍ය බව දරුවා පොලිසියේදී සඳහන් කර ඇත.
දරුවාගේ ප්‍රකාශ ලබා ගනිමින් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
-mawbima
පිටරට සිටින බිරිඳ ගෙන්වා ගැනීමට නොදරුවෙකුගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියෙක්
2022-08-15T04:52:00+05:30
Gossip Lanka Hot News






