gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“රනිල්ගේ නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂවරු නෑ”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කරන්නට යන නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ පවුලේ කිසිවෙකු පත් නොකරන බව රනිල්ගේ පාර්ශ්වයේ ප්‍රබලයෙක් ‘කැබිනට් එකට’ පැවසුවේ ය. පත්කරන්නට යන කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන්නේ කවුරුන්දැයි කිසිවෙකුට දැනගන්නට නොලැබෙන ලෙසට රහස ආරක්ෂා කර ගන්නට රනිල් කටයුතු කරමින් සිටියදී රාජපක්ෂ කෙනකු කැබිනට් මණ්ඩලයට පත් නොකරන බවට තොරතුරක් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුට ලැබී තිබේ.

ඔහු පොහොට්ටුවේ තව ත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග නාමල් රාජපක්ෂ හමුවන්නට ගොස් මේ තොරතුරු ඔහුට දැනුම් දී ඇත.

ඇමැතිකම් ඉල්ලා පස්සෙන් යන්න බැරි බව නාමල් කියයි…

ඔවුන් පවසා තිබෙන්නේ ඇමති තනතුරක් නොලැබුණහොත් මේ ආණ්ඩුව විසුරුවන තුරු ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස සිටින්නට සිදුවන බව ත් පැවැත්වෙන මැතිවරණයකදී අසුනක් දිනා ගන්නට බැරි වුණොත් දේශපාලන ඉදිරිය අවිනිශ්චිත විය හැකි බවත් ය.

“ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් ඇමැති තනතුරක් ඉල්ලා මට බලපෑම් කරන්නත් බෑ යි.” නාමල් පිළිතුරු දුන් බව දැනගන්නට ඇත.
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka