gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට කරන්න යන දේ ඇමැති බන්දුල හෙළි කරයි

පාඩු ලබන රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රති සැකසුම්කරණය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් රට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“මේ ඇති වෙලා තිබෙන දරුණු ආර්ථික අගාධයෙන් ගොඩ එන්න නම්, අවශ්‍යයෙන් ම රජයේ ආදායම් ඉහළ නංවා ගත යුතු වෙනවා. ඒ සඳහා වන රාමුව කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රමුඛතා ලබා දෙන අංශ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයක් කරන්න වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදී ප්‍රතිසකසුම්කරණයක් තුළින් ඒ අලාභ ලබන සමහර ව්‍යාපාර වසා දැමීමට හෝ වෙනත් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග යෙදුවේ නැත්නම්, අපිට මේ රට තවදුරටත් පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

දැන් ගිය වර්ෂයේදී රජයේ මුළු බදු ආදායම රු. බිලියන 1298යි. එයින් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් බිලියන 1115ක් ගීවීමට සිදු වුණා. එතකොට අනිත් සියලු දේ සඳහා ඉතුරු වුණේ බිලියන 153යි. නමුත් පොලී විතරක් ගෙවන්න තියෙනවා ගත්ත ණයවලට බිලියන 1,000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා ලංකාවේ කවුරුන් ආණ්ඩු කළත් කුමන දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් බලයට පත් වුණත් රජයේ ආදායමෙන් වර්ෂයකට ලබා ගන්න මූලික වියදම් දෙකවත් පියවා ගන්න බැහැ. වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සහ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම කියන වියදම් දෙකවත් කවුරු ආණ්ඩුවක් ගත්තත් දරාගන්න බැරි තත්ත්වයට පැමිණිලා තියෙනවා. ඒ නිසා තමයි රටේ දවසක ආදායම රු. කෝටි 400යි. දිනක වියදම කෝටි 1,000යි. සෑම දිනකට ම කෝටි 600ක් ණය වෙමින් තමයි මේ ආර්ථිකය පවත්වා ගෙන යන්නේ.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka