gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරුන්දික, විදුර, තාරක, රෝහිත සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට ගිනි තැබූ 7ක් අත්අඩංගුවට!

මැයි 9 වන දා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට, දේපළවලට සහ ඔවුන්ගේ කාර්යාලවලට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් ඊයේ (අගෝ. 30) දිනයේදී සැකකරුවන් හය දෙනෙකු සහ එක් සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අරුන්දික ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය, රෝහිත ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශ කිරීමට අදාළව මෙම සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 26, 44, 61, 53, 35, 32, 58ක් වන ලිහිණියාගම, හොරණ, කෑගල්ල සහ රත්මලාන් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, හොරණ සහ දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර, මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි සුදීමා චාන්දනී මහත්මියගේ නිවසට හානි සිදු කිරීම සහ දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන් ම, ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක නලීන් කුමාර මහතාට පහර දී තුවාල සිදු කිරීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka