gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා” – අනුර, රනිල්ට කියයි (VIDEO)

අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේදී කළ රාජාසන කතාවේ අඩංගු කරුණු පැරණි කියමනක් අනුව “කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා” වැනි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු එසේ පැවසුවේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එක් වෙමිනි. හදිසි නීතිය යොදා ගනිමින් සාමකාමී අරගලකරුවන් මර්දනය කිරීමේ ප්‍රයත්නයට අටවන ජනාධිපති යෙදී සිටින බවට එහිදී චෝදනා නැගීය. ජනාධිපති පුටුවේ අසුන්ගත් කාන්තාවන් අත්තඩංගුවට ගැනීම, ජනාධිපති කොඩිය භාවිතා කළ අය සහ ජනාධිපති මණ්දිරයට මුලින්ම ඇතුල් වූ අය බව කියමින් විකාර ආකාරයෙන් මර්දනය දියත් කර ඇති බවට චෝදනා නැගීය.

මේ වනවිට පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන ජන වරම අවසන් වී ඇති බැවින් නව ජන වරමකට අවස්ථාව ලබාදී ජනතා අනුමැතිය සහිතව රට ගොඩ නැගීමට මුල පිරීමේ විරාම කාලයක් අවශ්‍ය බව අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka