gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාවගේ වැඩි විශ්වාසය අනුර ගැන බව සමීක්ෂණයකින් හෙළි වෙයි!

රටේ ආර්ථික අර්බුදය විසඳීමට නිවැරදි පියවර ගනු ඇතැයි ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරන දේශපාලන නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ සහ පර්යේෂණ අංශය වන Social Indicator විසින් පවත්වන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

මෙම සමීක්ෂණයට අනුව 48.5% ක ඡන්ද ප්‍රතිශතයකින් ආර්ථික අර්බුදය විසඳීමට නිවැරදි දේ කරනු ඇතැයි ජනතාව විශ්වාසය තබා ඇත්තේ ජවිපෙ නායකයා කෙරෙහි බව පැවසේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ මහජන අත්දැකීම්, අරගලය පිළිබඳ ඔවුන්ගේ මතය සහ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයේ විවිධ පැතිකඩ ග්‍රහණය කර ගැනීමේ අරමුණින් මෙම මත විමසුම සැලසුම් කර ඇත.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන දේශපාලනඥයන් පිළිවෙළින් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙනු ඇතැයි ජනතාව විශ්වාස කරති.

‘ගෝඨාගෝගම’ අරගලයට නායකත්වය දෙන තරුණ තරුණියන්ගේ සංජානනයට අදාළ සමීක්ෂණයේ දී 84.3% ක ජනතාවක් විශ්වාස කරන්නේ, වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රට ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, එය සිවිල් මනසක් ඇති තරුණයන් විසින් රට මෙහෙයවිය යුතු බවයි.

අරගලයට සම්බන්ධ තරුණයන් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට සම්බන්ධ බවට වන චෝදනාවට මෙහිදී ජනතාවගෙන් 82% කට ආසන්න පිරිසක් එකඟවී නොමැත.

එමෙන්ම රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතුරු සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ/ මහජනතාවගේ ඉල්ලීම්වලට රටේ 83.4% ක ජනතාවක් එකඟවී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka