යුරෝපා සංගමයේ මෙරට නියොජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී යුරොපා සංගම් බලධාරීන් මේ බව අවධාරණය කර ඇත.
එම සංවිධනය ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව විශේෂ ට්විටර් සටහනයක් තබමින් මේ බව සඳහන් කර තිබිණි.
1/2-Had a constructive meeting w/ Pres.@RW_UNP today.🇪🇺is a partner in challenging times. For us, protection of civil & #humanrights, above all #freedom of expression & right to #dissent, is of utmost importance. We agree bringing 🇱🇰back on track requires joint & inclusive action pic.twitter.com/b70Xmh3ofK
— EU in Sri Lanka (@EU_in_Sri_Lanka) August 10, 2022
මෙහිදී යුරොපා සංගමය විසින් පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් සිවිල් අයිතීන් ආරක්ෂා කිරීම භාෂණයේ සහ විසම්මුතියට ඇති අයිතීන් ආරක්ෂා කිරීම අන් සියල්ලටම වඩා වැදගත් බවයි.
ඒ අනුව තමන් ශ්‍රී ලංකාව මීට අදාල නිසි මාර්ගයට යොමු කරනු ලබන බවත් ඊට අදාල ක්‍රියාවලියකට උපරිම සහය දෙන බවත් යුරොපා සංගම් නියෝජතයින් පවසා ඇත.
මෙහිදී ජනාධිපතිවරායාට ජාත්‍යන්තර සම්බන්ධතා වලට අදාලව ප්‍රධාන කරුණු තුනකට අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජී.එස්.පී ප්ලස් බදු සහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ ජගත් මනව හිමිකම් කවුන්සිලයේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවද යුරොපා සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
