gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට!

මහා විශාල හාස්කම් ප්‍රමාණයක් ඇති බවට විශ්වාස කරමින් දේශපාලකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රභූ පන්තිය මෙන්ම සාමාන්‍ය ජනතාව ද වැල නොකැඩී පැමිණෙන උණවටුන මැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා ළමා අපචාර චෝදනා මත ඊයේ ( 10) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන දේවගැති දේශමාන්‍ය ආචාර්ය කීර්ති කුමාර බටගොඩ දේවගැතිතුමන් නමින් ප්‍රකට මෙම පුද්ගලයා කුඩා පිරිමි දරුවන් අපචාරයට පොළඹවාගෙන එම සිදුවීම් වීඩියෝගත කර අලෙවි කරන ජාවාරමක නිරත වී ඇති බව විමර්ශන ආරංචි මාර්ග කියයි.

මේ වීඩියෝ පට ද විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා අධ්‍යාත්මික ශක්තිය සම්බන්ධව, සමාජ සත්කාර හා විශ්වයේ බලය පිළිබඳ මාධ්‍ය හමුවේ පෙනී සිට දේශනා කරන, විකාශ කාලය මිලදී ගෙන රූපවාහිනී වැඩසටහන් කරන, අන්තර්ජාලයේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරත වී සිටින පුද්ගලයෙක් වීම සම්බන්ධව විමර්ශන අංශවල විශේෂ අවධානය යොමු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka