gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාර්තුවේ ජන්දයක්! ජන්ද දිනය සැප්තැම්බර් 20න් පසු ප්‍රකාශයට පත්කරයි!

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 25 වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මස 20 වැනිදායින් පසු එය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙන බවය.

මේ වනවිට විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කර ඇති අතර එම කාලය ලබන මාර්තු 25 වැනිදායින් අවසන් වීමට නියමිත ය.

ඒ අනුව දැනට පවතින ප්‍රතිපාදන මත මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් පවත්වා ඊට පෙර පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරාපත් කර ගත යුතු වේ.

මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 341 ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගැනීමට නියමිත බවද සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka