gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්ගේ ගොඩ වැඩිවන ලකුණු!; බැසිල්ට ඉන්නේ 15යි

ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. එසේ කලකිරුණු හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව පැවසේ.

එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද සිකුරාදා දහවල් හමුවී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට සූදානමින් සිට ඇතත් පසුව එම තීන්දුව වෙනස් කර ඇති බව වාර්තා වේ.

ඒ ජනාධිපතිවරයාට දැනෙන යමක් සිදු කළ යුතු බවට ගත් තීන්දුවක් අනුව බවද පැවසේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවමින් ආණ්ඩුවක් පිහිටුවීමට කැපවූ තමන්ට ආණ්ඩුවේ තැනක් නොමැති වීම සම්බන්ධයෙන් මේ පිරිස දැඩි කනගාටුවට පත්ව සිටින බවද වාර්තා වේ.

ඩලස්ලා අනුරපුරේ

මේ අනුව පිරිසක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම සමඟ එකතුවීමට තීන්දුකර ඇති බවද පැවසේ.

ඔවුන්ගේ අලුත් ගමන සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම පෙරේදා (19) පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර, ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැදපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නයද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට මෙම පිරිස අපේක්ෂා කරන අතර, ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.

මහාචාර්ය ජී එල් පීරිස්, මහචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, උදයන කිරිදිගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ මෙම ගමනට මේවන විට එක්ව සිටින බව වාර්තා වේ.

මේ අතර, පොහොට්ටු පක්ෂ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිටින පිරිස 15 දක්වා පහත බැස ඇති බවත්, ඊට අමතරව වික්‍රමසිංහ මහතාට සහය දක්වන පිරිස ද මේවන විට අඩුවෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka