gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාප් වහන්සේ ඉන්නේ අවධානයෙන්! පාස්කු ප්‍රහාරය ගැන වතිකානුවෙන් ලිඛිත පණිවුඩයක් එයි!

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ  මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා භාරදුන්  සංදේශයට  ප්‍රතිචාර දක්වමින් වතිකානුවෙන් ලිඛිත පණිවුඩයක් යොමුකර ඇත.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ජනතාව උදෙසා උන්වහන්සේගේ පූර්ණ මගපෙන්වීම  සහ පූර්ණ අධීක්ෂනය යටතේ කටයුතු සිදුකරන බවට ලිඛිතව දැනුම් දිමක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

මෙරට පිහිටි වතිකානු තානාපති උන්වහන්සේ හරහා මේ බව තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 30 වැනිදා  රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව මන්ත්‍රීවරයා  ප්‍රකාශ කළේය.

පාස්කුදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ  බවත්   ජයවර්ධන මහතා කීවේය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දේශපාලනික, ආර්ථිකමය ගැටලූ පිළිබඳව සහ අවුරුදු තුනකට ආසන්න පාස්කු ප්‍රහාරයට ලක්වී වේදනාවෙන් සිටින වින්දියන්ට සාධාරණත්වයක් ඉෂ්ට නොවීම පිළිබඳවත් උන්වහන්සේ වෙත දීර්ඝ ලෙස කරුණු දැක්වූ බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාප් වහන්සේගේ ලේකම් වහන්සේ මුන ගැසි මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවත් හෙතෙම කීවේය. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka