gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ කුමන්ත්‍රණවලට අහුවෙන්න එපා...වහාම පාර්ලිමේන්තුව අසළ සිටින පිරිස් ගෝල්ෆේස් අරගල භූමියට පැමිණෙන්න - අන්තරේ

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව අසළ රැස්වී සිටින පිරිස් ගාලුමුවදොර අරගල භූමියට පැමිණෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඉල්ලා සිටිනවා. පවතින අවස්ථාවේ ආණ්ඩුවටද අවශ්‍යවී ඇත්තේ කුමන්ත්‍රණකාරී ලෙස ජනතාව කුපිත කර වෙනත් දිශාවකට මෙය යොමු කර ගැනීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, පාර්ලිමේන්තුව හා මන්දිර අල්ලා ගැනීම වැනි කටයුතු සඳහා උසිගන්වන පිරිස්ගේ උපක්‍රම සඳහා හසු නොවන ලෙස සමාජ ක්‍රියාකාරී රසික ජයකොඩි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අරගලය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ගාලුමුවදොර අරගල භූමියට පමණක් පැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් සාමකාමීව හා නිර්ප්‍රචණ්ඩත්වයකින් අරගලය සිදු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka