gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු පිවිසුම අසළ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට!

අග්‍රාමාත්‍ය කාර්යාලය අසළදී උද්ගතවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 39ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් අරගලකරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

ඒ ගාලු මුවදොර අරගල භූමියේ සිටය.

ඒ අතරතුර වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කරනු ලැබීය.

එමෙන්ම දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය. 

කළහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් ප්‍රවාහන කරන රථවාහන ආරක්ෂක අංශ භාරයට ගන්නා ලෙස ද වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඇඳිරි නීතිය පැනවුණ ද ගාලු මුවදොර සිට පැමිණෙමින් සිටි අරගලකරුවන් කොළඹ මල් පාරේ අග්‍රමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට විත් එහිදී විරෝධතාවයක නිරත වුණි.

අනතුරුව පිරිස මාර්ග බාධක ඉවත්කරමින් අග්‍රමාත්‍ය කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය තත්ත්වය පාලනයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

කඳුළු ගෑස් ප්‍රහාර මැදත් ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට පැමිණ ඊට ඇතුළුවීමට උත්සාහ කළේය.

එහිදී ද පොලිසිය පිරිස විසුරුවාහැරීමට අඛණ්ඩව කඳුලු ගෑස් ප්‍රහාර රැසක් එල්ල කළේය.

වාර්තාකරුවන් පැවසුවේ පසුව තත්ත්වය පාලනයට ආරක්ෂක අංශ අහසට වෙඩි තැබූ බවය.

ඉන් පසුවත් තත්ත්වය පාලනයට පොලිසිය අඛණ්ඩව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මැද අද පස්වරුවේ අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලට ඇතුළුවිය.

මේ අතරවාරයේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා පියාසර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

එම යානා පියාසර කෙරුණේ අරගල භූමියට ආසන්නව ඉතා පහළ මට්ටමකිනි.

මේ අතර අරගලකරුවන්ගෙන් පිරිසක් අද කොළඹ 07 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ද පැමිණ විරෝධතාවක නිරත වුණි.

අරගලකරුවන් කිහිපදෙනෙකුට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වූ අතර එහිදි ඇති වූ එකඟතාව මත අරගලකරුවන්ට සජීවි වැඩසටහනකට අවස්ථාව සලසා දෙනු ලැබීය.

කෙසේ වෙතත් පසුව ඇති වු තත්ත්වය මත ජාතික රූපවාහිනියේ විකාශය කෙටි කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට එහි පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

මෙවන් තත්ත්වයක් මත ස්වාධීන රූපවාහිනිය ද සිය විකාශන කටයුතු තාවකාලිකව නවතා දමනු ලැබීය.

කෙසේ වෙතත් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය පසුව නැවත සිය විකාශන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka