ජාතික ඉන්ධන බලපත්‍රය පසුපස බිලියන ගණනක දත්ත වංචාවක් සිදු වන බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
රජයට අයිති දත්ත භාවිත කළ යුත්තේ සමාගම් වලට උවමනා විදිහට නොවන බවද හෙතෙම චෝදනා කරයි.
ඉන්ධන හොරට විකිණීමේ ජාවාරම නතර වෙද්දී ඊටත් වඩා ජාවාරමක් ආරම්භ කිරීමේ උත්සාහයක් මේ හරහා සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
