ලංකාවේ පෙරළිය වතිකානුවටත් දැනෙයි! පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරයි!
දේශපාලන හා ආර්ථික අස්ථාවරය නිසා පීඩා විඳින ශ්‍රී ලංකා ජනතාවගේ සංවේගී හදවත් සමග තමන් වහන්සේ ද එක් වන බවත්, දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකා පාලකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කරති.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙලෙස ප්‍රකාශ කළේ ඊයේ (10 ) වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍රයේ දහවල් තුන් කාලයේ ආරාධනාව යැදුම අවස්ථාවේ දී ය.
“උන්වහන්සේ ශ්‍රී ලංකාව පිළිබඳ කළ ප්‍රකාශය මෙසේය.“
දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නිසා පීඩා විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සංවේගී හදවත් සමඟ මම ද එක් වෙමි. එලෙස ම සියලුම ශ්‍රී ලාංකික රදගුරුතුමන්ලා හා එක් ව සාමය උදෙසා මාගේ ඉල්ලීම අලුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස යි.
ලංකාවේ පෙරළිය වතිකානුවටත් දැනෙයි! පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරයි!
2022-07-11T09:22:00+05:30
Gossip Lanka Hot News





