ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉවත්වීමේ සූදානමක් පෙනෙන්නට නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරමින් මාධ්‍ය නිවේදනයක් ඊයේ (10) දිනයේ නිකුත් කර ඇති බවත් එයට අනුව ඔහු සූදානම් වන බව පෙනෙන්නේ ගෑස්, ඉන්ධන ගැටලු ටික විසඳා යළි බලයේ රැඳී සිටීමට බවයි.
මහජනතාව එකතුවී සිදු කළ සමාජ පරාවර්ථනය නිසි වේලාවේදී නිසි පියවර නොගතහොත් යටපත් වී යා හැකි බවද, මේ සම්බන්ධයෙන් සියලුම මහජනතාව මෙන්ම ජාත්‍යන්තර සංවිධානද දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
දැවැන්ත සුනාමියක් ඒමට පෙර මුහුද නිහඬව පසුපසට යන අවස්ථාව වැනි තත්ත්වයක මේ වන රට ඇති බවද, මින් පසු පැමිණිය හැකි තත්ත්වයෙන් අරගලයට නායකත්වය දුන් පිරිස්ගේ ආරක්ෂාවද අනතුරකට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
