ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටි පිරිසට පහරදී එළවා දමන අතරතුර එම සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අතුරුදන්ව තිබුණා. අද (22) අලුයම් කාලයේ චතුරංග ප්‍රදීප් කුමාර සහ කසුන් කුමාරගේ යන මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදී ගුවන් හමුදා භටයින් පිරිසක් පැහැරගෙන ගොස් තිබූ අතර පසුව ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී හමුව තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ගුවන් හමුදා භටයන්ගේ අමානුෂික පහරදීම් හමුවේ මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර මහතා කොන්දේ සහ පාදයක අපහසුතාවයකින් පෙලෙන අතර කසුන් කුමාරගේ මහතාගේ හිස්කබලට හානිවී තිබෙනවා.
