අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එක්දිනකින්ම අහිමි කරගත් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූයේ අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් බවත් එම අරගලකරුවන්ට එල්ල කරවූ හමුදා හා පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් රණවක මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රහාරය නිසා ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් නායකයකු ලෙස වසර 45 ක ඉතිහාසයේ තමාට තිබූ පිළිගැනීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිටි සියලු ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් ද අහිමි කරගත් බව මන්ත්‍රීවරයා කීවේය.
මේ සිදුවීම සහ රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් මැයි 6 වැනිදා එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැතැයි ද හෙතෙම කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
