මුලු කෝච්චියටම කවුදෝ මනුස්සයෙක් සල්ලි ගෙවයි! කොළඹ එන්න බෑ කියපු කෝච්චිය ජනතා බලපෑම හමුවේ කොළඹ එන්න පටන් ගනී!
නුවර සිට කොළඹ බලා අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය අවලංගු කර තිබෙන බව වාර්තා විය. කෙසේ වෙතත්, ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත පැමිණීමේ සූදානමින් මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණි ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය මත අදාල දුම්රිය යළි ධාවනය සදහා අවසර ලබා දීමට දුම්රිය ස්ථානාධිපතිවරයාට සිදු විය.
අරගලයට සහභාගී වීම සදහා කොළඹට පැමිණීමට සූදානමින් සිටින පොදු ජනතාව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වටකරගෙන සිටින ආකාරය දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබුණි.
කෙසේ වෙතත්, මේ වන විට අදාල දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් තිබෙන බව වාර්තා වේ.
වඩාත් අසිරිමත් දෙය වන්නේ, කිසියම් පුද්ගලයෙකු විසින් සියළුම මගීන් සදහා මුදල් ගෙවා තිබීමයි.
මුලු කෝච්චියටම කවුදෝ මනුස්සයෙක් සල්ලි ගෙවයි! කොළඹ එන්න බෑ කියපු කෝච්චිය ජනතා බලපෑම හමුවේ කොළඹ එන්න පටන් ගනී!
2022-07-09T12:28:00+05:30
Gossip Lanka Hot News






