gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයේ දොරටුව අභියස!

විරෝධතාවයේ නියුතු ජනතාව චැතම් විදිය ඔස්සේ පැමිණ ජනාධිපති මන්දිරයේ දොරටුව අභිසසට පැමිණ සිටිති.
මෙම ගමන වැලැක්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර 08ක් එල්ල කර තිබිණි. එහෙත් එම එක් ප්‍රහාරයකින් හෝ අරගලකරුවන් නැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත.

මේ වනවිට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් විසින් භූමියේ රැඳී සිටින උසස් නිලධාරීන් වෙත බලය යොදා වහාම මේ පිරිස් ඉවත් කරන ලෙස නියෝග කර ඇත.

එහෙත් ඔවුන් දෙන නියෝග පිළි නොපදින මට්ටමක් ඇති වී තිබෙන බව  අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් සිදුවීම් සජීවීව වාර්තා කරගත නොහැකි මට්ටමට දුරකථන සංඥා ජනාධිපති මන්දිරය අවට දුර්වල කර ඇති තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka