නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09ට ආරම්භ වීමට නියමිතව ඇති බවය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිට ජනාධිපති ධුරයට පත්වීමත් සමග ව්‍යවස්ථානුකූලව එතෙක් පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩලය අක්‍රිය වන අතර ඒ අනුව නව කැබිනට් මණ්ඩලයක් හෙට දින පත්කිරීමට නියමිතය.
රජයේ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත මෙලෙස කඩිනමින් කැබිනට් අමාත්‍යවරුන් කණ්ඩායමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
