gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙමළ කල්ලියක් ගැහුවා කියලා රට ගිනි තියන්න හදපු ගුවන් හමුදා සෙබළා කරපු ‌මහා බොරුව අතේ පත්තු වෙයි!

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු කෝප්‍රල්වරයෙකු වාලචිචේන, රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඊයේ (28) දින උදෑසන ප්‍රදේශවාසින් විසින් දැක වාලචිවේන පොලිසියට දැනුමි දීමෙන් පසු රෝහල් ගතකරන ලදී.

එම ස්ථානයේ තිබී දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුවක් ද පොලිසිය මගින් සොයාගත් අතර එම පුවරුවේ "කෲර දේශපාලනයට උදවිකරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" යනුවෙන් සටහන් කර තිබුණා.

පසුව මේ පිළිබඳ වාලචිචේන පොලිසිය මගින් විමර්ශනයක් ආරමිභ කළ අතර එහි දි ඔහු විසින් පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ කළ බවයි.

මෙහිදි ඔහු විසින් ලබාදුන් ප්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී හෙලි වූ තොරතුරු වල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් සහ ඔහු අසල තිබු දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳ සැකයක් මතු වීම හේතුවෙන්ද ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබූ පොලිස් නිලධාරීන් හට එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සමිබන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙකු බව වැටහී ගොස් ඇති අතර ඒ ඔස්සේ විමර්ශනය ඉදිරියට කරගෙන යාමේදී මෙම ක්‍රියාව ඔහු විසින්ම සිදු කර ඇති බවට පිළිගෙන ඇත.  

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා අන්තර්ජාල පරිගණක සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඒ සඳහා යෙදවීමට තම කඳවුරේ සහෝදර ගුවන් භටයින්ගෙන් මුදල් ලබාගෙන ඇත.

නැවත එම මුදල් ලබා දීමට අපොහොසත් වීම නිසා පළමුව සියදිවි නසා ගැනීමට අදහස් කර තිබූ බව ඔහු ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත.

එහෙත් එහිදි තමන් සියදිවි නසා ගතහොත් ගුවන් හමුදාවෙන් තම බිරිඳට ලැබෙන දීමනා නොලැබෙන බැවින් ඔහු මෙම ක්‍රියාව සැලසුම් කොට තිබෙන බවට හෙළිවී ඇත.

මේ වන විට මෙම කෝප්‍රල්වරයා වාලචිචේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට දින වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම ක්‍රියාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෝ වෙනත් කිසියමි පාර්ශ්වයක කිසිඳු සමිබන්ධයක් නොමැති අතර මෙම සමිපුර්ණ ක්‍රියාවලිය මෙම කෝප්‍රල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි සිදු කර ඇත.

මෙහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිරූපයට සිදුවු හානිය වෙනුවෙන් මෙම කෝප්‍රල්වරයා හට ගුවන් හමුදා නීතියට අනුව පොලිස් විමර්ශන අවසානයේදී නීත්‍යානුකූලව කටයුතු කිරිමට නියමිතව ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කර සිටියේ.

- nethnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka