අලියට අත දෙනවද දුරකථනය අතට ගන්නවද හිතා ගන්න බැරුව අත දෙකඩ වෙන ලකුණු?
නව ජනාධිපති තෝරාගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීන් 14 දෙනා පාර්ශවයන් දෙකට බෙදී ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
දැනටමත් රජය සමඟ එක්ව සිටින සුරේන් රාඝවන් හා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීන් දෙදෙනා පොහොට්ටුවේ තීරණය අනුව ක්‍රියා කරනු ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර නිමල් සිරිපාල, මහින්ද අමරවීර, චාමර සම්පත් හා ජගත් පුෂ්පකුමාර යන මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමට සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
අලියට අත දෙනවද දුරකථනය අතට ගන්නවද හිතා ගන්න බැරුව අත දෙකඩ වෙන ලකුණු?
2022-07-17T12:15:00+05:30
Gossip Lanka Hot News






