පාර්ලිමේන්තුව කැඳවා එක දිනක් ඇතුළත අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරන්න ශ්‍රීලනිපය තීන්දු කරයි!
වහාම පාර්ලිමේන්තුව කැදවා එක් දිනක් තුළ අගමැතිව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඒ මහතා තනතුරින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තීන්දුව සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයන් සමගද මේ වනවිට සාකච්ජා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවකි.
මේ සදහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ සහායද ලබීමට නියමිත බව ජයසේකර මහතා සදහන් කර සිටියේය.
මෙම යෝජනාව හැකි ඉක්මණින් කතානායකවරයා වෙත දැනුම් දීමට ශ්‍රීලනිපය පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව කැඳවා එක දිනක් ඇතුළත අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරන්න ශ්‍රීලනිපය තීන්දු කරයි!
2022-07-13T20:52:00+05:30
Gossip Lanka Hot News






