නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තරුණ සංවිධානය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මේ බව කියා සිටියේය.
“රනිල් වික්‍රමසිංහට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයට තරුණ සංවිධානයේ සියලුම සාමාජිකයන් එකඟ වුණා’ යැයි ඔහු පැවසීය.
