අගමැති නිවස අසළදී සිරස මාධ්‍යවේදීන්ට දරුණු STF ප්‍රහාරයක්..පහර දෙන්න අණ කොට ඇත්තේ SSP රොමේෂ් ලියනගේ! - (VIDEO)
කොළඹ 07 පස්වන පටුමග පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට ඇති විරෝධතාවක් වාර්තා කිරීමට ගිය සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත්ට සරසි පිරිස් ඇතුළු මාධ්‍යව්දීන් තිදෙනකුට අමානුෂික පොලිස් ප්‍රහාරයක් මීට සුළු වෙලාවකට පෙර එල්ල වූ අතර ඔවුන් මේ වනවිට ජාතික රෝහල වෙත ඇතුළු කොට තිබේ.
පොලිස් සහ විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් ඔහුට වාර්තාකරණය බාධා කළ අතර එහි සිටි එක් නිලධාරියකු මෙම මාධ්‍යෙව්දියාට බිම වැටෙන තුරු දරුණු ප්‍රහාරයක් එල්ල කරන ආකාරය රූප රාමුවලට හසු විය. අග්‍රාමාත්‍යවරාගෙ පෞද්ගලික නිවස ඉදිරිපිට අද සවස පිරිසක් එහි ගොස් අග්‍රමාත්‍යවරයාට ඉවත් වන ලෙස බල කරමින් විරෝධතාවක් පත්ව ඇති අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙව්දීන් තිදෙනාට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාගේ කැමරාවලටද හානි සිදුව ඇති අතර ඔහු වේදනාවෙන් කෑ ගසමින් එම ස්ථානයෙන් ගැලවී එන අයුරු සිරස කැමරාවලට හසුව තිබිණ.
අගමැති නිවස අසළදී සිරස මාධ්‍යවේදීන්ට දරුණු STF ප්‍රහාරයක්..පහර දෙන්න අණ කොට ඇත්තේ SSP රොමේෂ් ලියනගේ! - (VIDEO)
2022-07-09T20:16:00+05:30
Gossip Lanka Hot News






