මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් ගැන අධිකරණයෙන් නියෝගයක්!
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගය ලබන 28 ව නදා තෙක් බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ මෝසමක් අද (ජූලි 15) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබ ඇත.
මහින්දගේ සහ බැසිල්ගේ විදෙස් ගමන් ගැන අධිකරණයෙන් නියෝගයක්!
2022-07-15T17:04:00+05:30
Gossip Lanka Hot News






