gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රිත් ජනපති සටනට; ඩලස්ගේ හීන දුරස් වෙයි; හර්ෂට අගමැතිකම

එළඹෙන සතියේදී ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ද නාම යෝජනා ලබාදීමට සූදානම්වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වාර්තා වේ.

ඔහුට සහය ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කැමැත්ත පලකර ඇතැයි මේ අතර වාර්තා වේ.

එසේම, ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වන ස්වාධීන කණ්ඩායමේ කිහිපදෙනෙකු ද සිරිසේන මහතාට මේ සඳහා තරග කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අද (15) පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

එම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපති ධූරයට තරග කරන බව එම පක්ෂයේ සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබයදීය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ, පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසා තිබේ.

කෙසේවුවද, ජී.එල්. පීරිස් මහතා එම පක්ෂයේ නාමික ධූරයක් දැරුවද ඔහුට පිරිස් බලයක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර ද ලීඩර් වාර්තා කර ඇත්තේ අගමැති ධූරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙසට ඉල්ලීම් පවතින අතරතුර ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැති ධුරයට පත් කරන්නැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුට හිතවත් මැති ඇමති පිරිසක් විසින් ඉල්ලීමක් කර ඇති බවයි.

හර්ෂ ද සිල්වාට අරගල බිමේ තරුණ ප්‍රජාවගේ ආකර්ශනයක් ඇති බවත්, මධ්‍යම පන්තික ප්‍රජාව තුළ ඔහු කෙරෙහි විශ්වාසයක් ඇති බවත් එම මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පෙන්වා දී ඇතැයි ද පැවසේ. 

අග්‍රාමාත්‍යවරයා මෙහිදී යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද මීට දින කිහිපයකට පෙර මෙවැනි ඉල්ලීමක් කර තිබුබව තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 145

සමගි ජන බලවේගය 54

ඉලංකෙයි තමිල් අරසු කච්චි 10

ජාතික ජන බලවේගය 3

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2

තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1

මුස්ලිම් ජාතික සන්ධානය 1

තමිල් මක්කල් තේසිය කූට්ටනි 1

අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය 1

ජාතික කොංග්‍රසය 1

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1

එක්සත් ජාතික පක්ෂය 1

අපේ ජන බල පක්ෂය 1
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka