gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“උද්ඝෝෂණයට ඇති අයිතිය අනීතික ලෙස නැවත්වීමට කිසිදු අයිතියක් ආණ්ඩුවට නැත.” -ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න (video)

ජුලි මස 9 වන දින පැවැත්වීමට  නියමිත උද්ඝෝෂණය හා උද්ඝෝෂණයට මහජනතාවට ඇති මූලික අයිතිවාසිකම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට එක්වූ  ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා මෙලෙස සිය අදහස් පල කරමින් ඒ සම්බන්ධයෙන් වන නීතිමය  තත්වය පැහැදිලි කර සිටින ලදී. 
රටවැසි පෙරමුණ නඩුවේදී“ඕනෑම කෙනෙකුට රජයක් පත් කිරීමටත් පත් කල රජය පෙරලා දැමීමටත් අයිතිවාසිකමක් ඇති බවත් එකී පෙරලා දැමීම යන්නෙන් හඳුන්වනුලබන්නේ රජයට දක්වන සහයෝගය නැවත්වීම බවත්” එතුමන් වැඩි දුරටත් පැහැදිලි කර සිටින ලදී.

එසේම ජනඝෝෂා නඩුවේදීද ගරු මාක් ප්‍රනාන්දු විනිසුරුතුමන් “අද දිනයේ  මෙම අහිංසක උද්ඝෝෂණය නතර කිරීමට පියවර ගතහොත් කවදා හරි ප්‍රචණ්ඩකාරී ඛේදවාචකයකින් මෙය අවසන් වනු ඇති බවත්” ප්‍රකාශ කරණ ලදී.එසේම  වැඩි දුරටත්  අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර සිටියේ රජයකට කිසිදු විටක මහජනයාගේ මනස සහ ආකල්ප පාලනය කිරීමට කිසිදු අයිතිවාසිකමක් නොමැති බවයි.

රට තුල පවත්නා වත්මන් තත්වය හේතුවෙන් ආහාර, ඉන්ධන හා  ගෑස් ඇතුළු මුලික අයිතීන් රැසක් මේ වන විටත් මහජනතාවට අහිමිවී ඇති බවත්  ඒ හේතුවෙන්  මේ වන විට රජයට  සුජාතභාවය අහිමි වී ඇති බවත් ප්‍රකාශ කර සිටින ලදී.මේ තත්වය තුල මහජනතාවට ඇති එකම හඬ බවට පත්ව ඇත්තේ උද්ඝෝෂණය බවත් එය නැවත්වීමට උත්සාහ දැරීම මුලික අයිතිවාසිකම් ඛණ්ඩනය කිරීමක් බවත් අන්තර්ජාතික වශයෙන් මෙරටට සහයෝගය ලබා ගැනීමට නම් ජනතාවගේ සුජාතභාවය ලත් ආණ්ඩුවක් බලයේ සිටීම අත්‍යාවශ්‍ය  බවත් තව දුරටත් ප්‍රකාශ කර සිටිනලදී.

එසේම මීට වසර දෙකකට පමණ පෙර අල්ලස් හා දුෂණය සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දී ඇති බවත් ඒවා කෙටුම්පත් කර අනුමැතිය ලබා ගෙන සිටියදී මේ දක්වාම ක්‍රියාත්මක නොවන බවත් විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ දේපල සොරා කා පිටරටට ගෙන ගොස් ඇති නම් ඊට නව නීති හඳුන්වා දීය ඒවා ක්‍රියාත්මක කල යුතු බවත් ප්‍රකාශ කර සිටිනලදී.

එසේම එකී මාධ්‍යහමුවේදී අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා ප්‍රකාශ කර සිටියේ  තමන් නීතීඥ සංගමයේ ගරු සභාපතිතුමන් වන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේත් නීතීඥ සංගමයේ  විධායක මණ්ඩලයේත් ආශිර්වාදය මත කටයුතු කරණ බවත් කිසිදු විටක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් සහයෝගය දැක්වීමක්  සිදු නොකරන බවත්  මහජනතාවට සාමකාමී  උද්ඝෝෂණයට ඇති අයිතිවාසිකම ආරක්ෂාකරගැනීමට පෙනී සිටිනබවත් යම් අවස්ථාවක ප්‍රචණ්ඩකාරී සිදුවීමක් සිදුව නොමැති අවස්ථාවක පුද්ගලයෙකු නිරපරාදයේ  ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු කල බවට පෙන්වීමට උත්සාහ දරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව එකී අහිංසක පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින  බවත් ප්‍රකාශ කර සිටිනලදී.

එසේම නීත්‍යානුකුල උද්ඝෝෂණයට ඇති අයිතිවාසිකම ආරක්ෂා කර ගනිමින්  ප්‍රජාතන්ත්‍රවාදී හඬ අවදිකිරීමට ජුලි මස 9 වන දින එක්වන ලෙසටත් මහජනයාට ආරාධනා කර සිටින ලදී.එසේම මෙය හුදෙක්  නීතීඥවරුන්ගේ උද්ඝෝෂණයක් නොවන බවත් මෙය සමස්ථ මහජනතාවගේමඋද්ඝෝෂණයක් බවත් ප්‍රකාශ කර සිටින ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka