අද විශාල ජන ගංඟාවක් එනවා...කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහන්න එපා... කාන්තාවන් සහ වැඩිහිටි අය සිය ගණනක් පැගී මිය යා හැකියි - සරත් ෆොන්සේකා
අද (ජූලි 09) විශාල ජන ගංඟාවක් කොළඹට පැමිණිය හැකි බවද, පොලීසිය විසින් කළුඳු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම එවන් අවස්ථාවකදී සාර්ථක නොවන බවද ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පවසනවා.
ලක්ෂයකට වැඩි පිරිසක් සිටින ස්ථානයකට එවැනි ප්‍රහාර එල්ල කළ විට, ජනතාව දිව යාමට පටන් ගතහොත්, කාන්තාවන් සහ වැඩිහිටි අය සිය ගණනක් පැගී මිය යා හැකි බවද, එම නිසා ඒවා ගැන කල්පනාවෙන් පොලීසිය කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පොලීසියට මේ බව දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා.
අද විශාල ජන ගංඟාවක් එනවා...කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහන්න එපා... කාන්තාවන් සහ වැඩිහිටි අය සිය ගණනක් පැගී මිය යා හැකියි - සරත් ෆොන්සේකා
2022-07-09T09:33:00+05:30
Gossip Lanka Hot News