gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස්, රනිල් සහ අනුර හෙට ජනපති සටනට!

මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ අනුව නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළමු නාමයෝජනාව ලෙස විපක්ෂ නායකවරයා විසින් ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් විසින්.

දෙවන නාමයෝජනාව ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ මනූෂ නානායක්කාර විසින්.

තුන්වන නාමයෝජනාව ලෙස ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසින් එහි නායක අනුර කුමාර දිසානායක යෝජනා කළ අතර එය ස්ථිර කළේ, එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරතුංග විසින් ස්ථිර කළා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන අය හෙට දිනයේ ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට නියමිතයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka