අද සවස 4ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
සිය පක්ෂය ජනාධිපති සටනේදී සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙම රැස්වීමේදී තීරණය කිරීමට ශ්‍රීලනිපය කටයුතු කරනු ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු වන චාමර සම්පත් දසනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව දැනුම් දී තිබුණද මෙම රැස්වීමේදී බොහෝ දුරට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය ඩලස් අලහප්පරෙුම මහතාට සහාය දැක්වීමට තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
