08වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි
අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී අද (20) පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වුණා.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙහි දී ජනපති සටන සඳහා ඉදිරිපත්ව සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 හිමි වුණා .
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පුරුම මහතාට හිමි වුණේ ඡන්ද 82 ක්.
අනුර කුමාර දිසානායක මහතා 03ක් ඡන්ද හිමි කර ගනු ලැබුවා .
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද 223න් ඡන්ද 04ක් ප්‍රතික්‍ෂේප වී තිබෙනවා.
දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැහැ.
වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වනවා.
08වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි
2022-07-20T12:51:00+05:30
Gossip Lanka Hot News






