gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තනි ඡන්දයේ ඔබ ජනපති වෙන්න යෑම රට තවත් වියවුලකට ඇද දැමීමක් - FUTA රනිල්ට කියයි!

අන්තර්කාලීන ජනාධිපතිවරයෙක් පත් ගැනීම සඳහා එළඹෙන 20 දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී රට බරපතල ව්‍යවස්ථා අර්බුදයකට හා දේශපාලන වියවුලකට ලක් නොකර සිටින්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

වත්මන් වැඩබලන ජනාධිපතිවරයා පසුගිය මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි වී ගිය, ජාතික ලයිස්තුවේ ප්‍රතිපාදන යොදාගනිමින් මන්ත්‍රීවරයකු බවට පත් වූ අයෙක් බව   විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙන්වා දෙති.

මේ පසුබිම  යළි සිහි කැඳවාගෙන වැදගත් හා ගෞරවනීය ලෙස තනතුරින් ඉවත්වී රට තවදුරටත් අස්ථාවර කරන ව්‍යසනකාරී ව්‍යවස්ථාමය සහ දේශපාලනමය අර්බුදයකට දායකවීමෙන් වළකින ලෙස ඔවුහු  වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම  විධායක ජනාධිපති තනතුරේ බලතල කිසිදු අවස්ථාවක ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය හා මර්දනය යොමුකිරීම සඳහා අත්තනෝමතික ලෙස යොදා ගැනීමෙන් වළකින ලෙසත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා වැ.බ. ජනපතිගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනය පහත දැක්වේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka