අගමැතිවරයෙක් නම් කරන ලෙස රනිල් කතානායකට දැනුම් දෙයි!
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන්නැයි වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ද දැනුම් දී ඇතැයි අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඉකුත් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක දී ද අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව එම නිවේදනයේ දැක්වෙයි.
අගමැතිවරයෙක් නම් කරන ලෙස රනිල් කතානායකට දැනුම් දෙයි!
2022-07-13T21:02:00+05:30
Gossip Lanka Hot News






