රනිල් ආරක්ෂක අංශවලට අලුත් වැඩක් පවරයි! පාර්ලිමේන්තුවේ ජනපති ඡන්දෙට සමාජ මාධ්‍යවලින් බලපෑම් කරන අය ගැන හොයන්න කියයි!
ගෝඨාභය රාජප්කෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළැඹෙණ 20 වැනිදා පැවැත්වෙන රහස් ඡන්දයේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එල්ල වන විවිධ තර්ජන හේතුවෙන් නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශනයන් සිදුකිරීමට නියමිතයි.
රනිල් ආරක්ෂක අංශවලට අලුත් වැඩක් පවරයි! පාර්ලිමේන්තුවේ ජනපති ඡන්දෙට සමාජ මාධ්‍යවලින් බලපෑම් කරන අය ගැන හොයන්න කියයි!
2022-07-17T17:15:00+05:30
Gossip Lanka Hot News






